Gossip

ලංකාවේ කොල්ලෝ නෑ අනේ – බඳින්නේ නම් විදේශිකයෙක්ව

 

aksha

ආක්ෂා සුදාරි පසුගිය කාලේ පුවත් මවන චරිතයක් වුණා.විවාහ වන පොරොන්දුව මත විදේශිකයකුගේ කෝටි ගාණක් වංචා කළා කියලා ආක්ෂාට නඩුවකුත් වැටිලා තිබෙනවා.

මේ අතරේ පසුගිය දිනක පුවත්පතක සාකච්ඡාවකට එක් වෙමින් ආක්ෂා තමන් කසාද බඳින්නේ විදේශිකයෙක් කියලා කියලා තියෙනවා.ඒ වගේම ලංකාවේ කොල්ලෝ නෑ කියලත් එහිම සඳහන් වනවා.

එම සාකච්ඡාවේ එම කොටස පහතින් දැක්වෙනවා.

නිරූපණයට විතරද මනමාලියක් විදිහට අඳින්නේ?

නෑ, නෑ. හැබෑ මනමාලියක් වෙන්නත් ඕන. හැබැයි හරි වෙලාව ආවාම

ආක්ෂා හොයන්නේ මොන වගේ පෙම්වතෙක්ද?

ලොකුම දේ එයා මගේ අතීත ජීවිතය හොඳින්ම දැනගෙන ඊට පස්සේ මට ආදරය කරන කෙනෙක් වෙන්න ඕන.අ‍පෝ එයාගේ ලක්ෂණ ඔක්කොම අහන්න එපා ඉතින්. ඊළඟට ඔයා අහන්න යන්නේ එයා මුම්බායිවල එක්කෙනෙක්ද? නැත්නම් ඩුබායිවල එක්කෙනෙක්ද කියලනේ.

ප්‍රශ්නය අහන්නත් කලින් උත්තරේ දුන්නා නේද?

අනිවාර්යයෙන්ම කවදාහරි මං කසාද බඳින්නේ විදේශිකයෙක් තමයි. ලංකාවේ කොල්ලෝ නෑ අනේ. හැබැයි ඉතින් දැන් ඔයා ඕක ලිව්වාම ලංකාවේ කොල්ලෝ මං එක්ක තරහාවෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!