Gossip

අයිශ්වර්යාගේ පියාගේ අවසන් කටයුතුවලට විශාල ජනතාවක්

ඉන්දියාවේ බොලිවුඩ් හි සුප්‍රකට නිළි අයිශ්වර්යා රායි බච්චන්ගේ පියා වන ක්‍රිෂ්ණරාජ් රායි සෙනසුරාදා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසන් කටයුතු ඉරිදා රාත්‍රී 8.30ට සිදුකළ බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

සති තුනකට පෙර රෝගාතුරවීමෙන් අනතුරුව මුබ්බාහි ලීිලාවති රෝහ‍ලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිද්දී මෙසේ මියගොස් ඇති බවද එම වාර්තා පෙන්වා දෙන්නේය.
සෙනසුරාදා ඔහුගේ රෝගී තත්ත්වය උග්‍රවීමත් සමග දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

සෙනසුරාදා පස්වරු සවස 4ට පමණ ඔහු මියගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ ඔහුට පිළිකා රෝගී තත්ත්වයක් මතුවී තිබූ බවයි. ඔහුගේ මරණය ප්‍රකාශ වීමත් සමග එරට සුප්‍රකට නළුවන් වන අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන් සහ එරට චිත්‍රපට ක්ෂේත්‍රයේ සියලුදෙනා අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියහ. ඊට අමතරව දහස් ගණන් ජනතාවද අවසන් කටයුතු සිදු කෙරුණ අවස්ථාවට සහභාගි වී ඇත.
වීඩියෝ සහ ඡායාරුප බලන්න

1 2 3 4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!