හොලිවුඩ්

අන්තර්ජාලයෙන් අසභ්‍ය වීඩියෝ නරඹන්නේ ප්‍රවේශමෙන් – වෙලා තියෙන දේවල් මෙන්න

1
අන්තර්ජාලයේ අසභ්‍ය ලිංගික වීඩියෝ පට නැරඹීම හේතුවෙන් ලිංගික සෞඛ්‍යය ගැටලුවලට ගොදුරු වන තරුණයන්ගේ ඉහළ වැඩි වීමක් පෙන්නුම් කරන බවට ප්‍රමුඛ පෙළ මනෝ චිකිත්සකයෙක් අනතුරු හඟවයි.

අවුරුදු 18 ත් 25 ත් අතර වයස් ඛාණ්ඩයේ පසු වන තරුණයන් විශාල වශයෙන් ලිංගික අකර්මණ්‍යතාවට ගොදුරු වී ඇති බවයි බ්‍රිතාන්‍යයේ නොටින්හැම් විශ්වවිද්‍යලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ මනෝ චිකිත්සක වෛද්‍යවරියක් වන ඇන්ජෙලා ග්‍රෙගරි පවසන්නේ.

මීට වසර දහයකට පෙර එවැනි බරපතළ සෞඛ්‍යය ගැටලුවලට මුහුණ දුන් ඉහත කී වයස් ඛාණ්ඩවලට අයත් පුරුෂයන් වාර්තා වීම දුර්ලභ තත්වයක් වූ බවත් වෛද්‍යවරිය පෙන්වා දෙයි.
2
අතීතයේ ලිංගික අකර්මණ්‍යතාව වැනි සෞඛ්‍යය ගැටලුවලට ගොදුරු වී සායනවලට පැමිණි පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක් දියවැඩියා රෝගය ආශ්‍රිත සෞඛ්‍ය ගැටලුවලට හෝ හෘද රෝගවලට මුහුණ දුන් වැඩිහිටි වයසේ පසු වූවන් බවත් මනෝ චිකිත්සක වෛද්‍යවරිය කියා සිටියි.

අන්තර්ජාලයට පිවිස ඉතා පහසුවෙන් අසභ්‍ය ලිංගික වීඩියෝ නැරඹීමට හැකි වීම හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ගේ ලිංගික සබඳතාවලට අහිතකර බලපෑම් එල්ල වී ඇති බවත් ඇය පවසයි.

 

BBC

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!