Cinema

හොලිවුඩ් සිනමාපටයකට, සංස්කරණ ශිල්පියෙකු ලෙස එක්වූ ශ්‍රී ලාංකිකයා – Photos

2019 වසරේ ලොව පුරා තිරගතවන හොලිවුඩ් චිත්‍රපට අතරට අපූරු චිත්‍රපටයක් නිර්මාණය වන බව තොරතුරු වාර්තා වනවා. චිත්‍රපටයට පසුබිම් වන්නේ ඉන්දීය නිදහස් සටනේ වීරවරයකු ලෙස සැලකෙන මහත්මා ගාන්ධි චරිතය. මහත්මා ගාන්ධි ඝාතනයට ලක්වූ ආකාරය පිලිබඳ ප්‍රමාණාත්මක සාක්ෂි සහ තොරතුරු මත සිදුකළ පර්යේෂණ තොරතුරු ඇසුරේ මෙහි කතාව ගොඩනැගී ඇතැයි සඳහන්. චිත්‍රපටයේ නම “The Gandhi’s murder”. මෙම කතාපුවත සිනමාවට නගන්නේ Karim Traidia සහ Punkaj Sehgal විසින්.

ශ්‍රී ලාංකික සිනමාවට මේ චිත්‍රපටයේ යම් විශේෂත්වයක් ඇති බවට තොරතුරු වාර්තා වනවා. චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලාංකික ශිල්පියකු සම්බන්ධ වී තිබීම ඊට හේතුවක්. තවද මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් 90% ක් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ වීම විශේෂත්වයක්.මේ අතර Film Location ආයතනයේ චන්ද්‍ර රත්නම් මහතා විසින් මෙම රූපගත කිරම් ලංකාව තුල සිදුකිරීමට මඟසලසා දී තිබෙනවා. සිනමා සංස්කරණ ශිල්පී අචිල රනිල් ෆොන්සේකා මෙම සිනමාපටයේ පසු නිෂ්පාදන කටයුතු සඳහා සංස්කරණ ශිල්පියකු ලෙස සම්බන්ධ වනවා. පරිගණක තාක්ෂණය පිලිබඳ ඉන්දියාවේ අධ්‍යාපනය ලබා ඇති ඔහු, Avid සංස්කරණ ශිල්පියකු ලෙස සිය වෘත්තීය ආරම්භ කළා.

Torana video movies, Young asia television වැනි ප්‍රසිද්ද සන්නාම යටතේ සේවය කොට පළපුරුද්දක් ඇති ඔහු Vilippu, Nature calls, Mihisara, Tribe, Sivusata වැනි වාර්තා වැඩසටහන් රැසක සංස්කරණ ශිල්පියාද වනවා. ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ “කාර්ම”, බුඩි කීර්තිසේනගේ “මාතා” වැනි නිර්මාන සඳහා සංස්කරණයෙන් ඔහුගේ දායකත්වය ලැබී තිබෙනවා.

ඔහු දායක වන The Gandhi’s murder චිත්‍රපටය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි ඉඟි පලවනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!