Gossip

ලොවම මවිත කරමින් මියගිය කාන්තාවක් මාස 4 කට පසු දරුවන් දෙදෙනෙකු මෙලොවට බිහිකරයි – Photos

අපි මේ ඔබට කියන්න යන්නේ බ්‍රසීලයෙන් වාර්තා වුණු අරුම පුදුම සිදුවීමක් ගැනයි.
ඒ මොලය මැරුණු කාන්තාවක් දින 123 කට පස්සේ දරුවන් දෙදෙනෙකු බිහිකිිරීමේ සිද්ධියක්.
මෙම නිරෝගී දරුවන් දෙදෙනා බිහි කළ මව 21 හැවිරිදි වියේ පසුවන අතර පිරිමි හා ගැහැණු දරුවෙකු ඇය විසින් බිහිකර තිබුණා.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇය මෙලොවින් සමුගෙන තිබුණා.
කොහොම වුණත් වෛද්‍යවරු මෙම මවගේ හදවතේ ක්‍රියාකාරිත්වය ගැන හදුනාගැනීමත් සමඟ ඇගේ කුසේ සිටි දරුවන් දෙදෙනාට ජීවත් වීමේ වාසනාව උදාවනවා.
ලෝකයම මවිත කරමින් දින 123 කට පසුව මෙම දරු දෙදෙනාගේ උපත සිදුවනවා.
මෙම කාන්තාව ගැබ් ගැනීමෙන් පසුව ආඝාතය රෝගයෙන් පෙලුනු බවද සඳහන්.
තමන්ගේ බිරිඳ ජීවිතය හැර ගිය වේදනාවෙන් සිටි සැමියා මෙම දරු දෙදෙනාගේ උපතත් සමඟ මහත් ප්‍රීතියකින් පසුවුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙම දින 123 තුලදී වෛද්‍යවරුන් මෙන්ම සංගීතඥයින්ද රෝහල වෙත පැමිණ තිබුණේ මියගිය මවගේ කුසතුල සිටින දරුවන් මිහිරි සංගීතයෙන් රසවත් කිරීමටයි..

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!