තරු හුට පට

කො‍ල්ලෙක් කෙල්ලන්ට අහවල් එක පෙන්නලා – කොල්ලාගෙන් පොලිසියට අපූරු උත්තරයක්

2

තරුණියන් තිදෙනෙකු පාරේ සිටින අවස්ථාවක ඔවුන් ඉදිරියට ගොස් සිය රහසඟ පෙන්වූ තරුණයෙකුගේ කතාවක් කල්පිටියෙන් වාර්තා වෙනවා. අප වෙත වාර්තා වන අන්දමට මෙම සිද්ධිය වෙලා තියෙන්නේ ඊයේ සවස කල්පිටිය නගරයේදීයි.

තමන් තවත් යහළුවන් දෙ‍න්නෙක් එක්ක පාරේ ඉන්න වේලාවේ  තරුණයෙක් ඇවිල්ලා  ඔහුගේ රහසඟ පෙන්නූවා කියලා එක තරුණියක් ඇයගේ මවට වෙච්ච සිද්ධිය කියලා තියෙනවා.  ඊට පස්සේ ඒ අම්මා එම තරුණියත් එක්ක කල්පිටිය පොලීසියට ගිහින් මේ ගැන පැමිණිලි කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට  මේ තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙම තරුණයා 28 හැවිරිදි වියේ පසුවන කුරක්කන්හේන ප්‍රදේශයේ පදිංචි කෙනෙක්.

හැබැයි පොලිසි‍යේ අත්අඩංගුවට පත්වුණ තරුණයා පොලීසියට කියලා තියෙන්නේ ඒ කතාවට හාත්පසින්ම වෙනස් කතාවක්. ඒක මේ කතාව කියවන ඔබත් පුදුමවෙයි. මොකක්ද දන්නවා  ද ඒ කතාව. ඔහු කියලා එම තරුණියත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමට හිතක් පහල වුණ නිසා ඇයට කොළ කැබැල්ලක ලියපු තමන්ගේ දුරකථන අංකය දුන්නා කියලා. ඒ හැර වෙනත් කිසිම දෙයක් වුණේ නෑ කියලා.

ඉතින් තරුණයාගේ මේ ප්‍රකාශයත් එක්ක කල්පිටිය සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ කල්පිටිය පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා ඇත්තටම මොකද වුණේ හොයලා බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!