පිට පිට තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු ෂෙමාරා වික්‍රමනායක මහත්මිය සමත් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.
ඔස්ට්‍රේලියානු මාධ්‍ය ඒ පිළිබඳව වාර්තාකර ඇත්තේ “The Australian Financial Review” සඟරාව උපුටා දක්වමින්.
ඒ අනුව ඇය 2021 මෙන්ම 2019 සහ 2020 වසරවලදීත් එරට වැඩිම වැටුපක් ලැබූ විධායක නිලධාරියා බවට පත්වූ බව සඳහන් එහි සඳහන් වෙයි.
මැක්ක්වරී සමුහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ඇය ජුනි මාසයෙන් නිමවූ මාස 12 සඳහා ඩොලර් මිලියන 15.97ක් උපයා ඇතැයි වාර්තා වුණා.
1962 දී එක්සත් රාජධානියේ උපත ලැබූ ෂෙමාරා වික්‍රමනායක මහත්මිය කුඩා කාලයේදී ශ්‍රී ලංකාවේ වාසය කර ඉන්පසු වයස අවුරුදු 13 දී සිය දෙමව්පියන් සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වි ඇති බව සඳහන්.
ඇයගේ පියා වෛද්‍යවරයෙකි.ෂෙමාරා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයෙන් වානිජවේදය හා නීතිය පිළිබද උසස් අධ්‍යාපනය ලබා තිබුණා.
