අධික ලෙස බීමතින් පැමිණෙන පොලිස් නිලධාරියෙක් තමන් සමග සේවයේ යෙදෙන අනෙක් නිලධාරීන් ට පහරදීමේ සිදුවීමක් වාර්තා වුණා.
එම චෝදනාව එල්ල වී ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුටයි.
ඔහු රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයෙකුට නිකරුණේ පහර දුන් බවට චෝදනා එල්ල වී තිබුණා.
පහරදීමෙන් නොනැවතී පරුෂ වචනෙන් හොඳටම බැණවැදී තිබුණා.
එක් වරම එල්ලවූ කම්මුල් පහරින් මොකක්ද වුණේ කියා හිතාගන්න බැරිවුණු කොස්තාපල්වරයා තමන්ට ගැහුවේ ඇයි දැයි විමසු විට ඔහුට පිළිතුරු ලැබුණේ තවත් කනේ පහරකින්.
මෙම පහරදීම සිදු වුණේ පසුගිය 25වනදා රාත්‍රී 10ට පමණ.
කොට්ඨාස විශේෂ අංශයක ප්‍රධාන ගේට්ටුවේ පැය 12 රාජකාරීයේ යෙදී සිටි පහරකෑමට ලක් වු පොලිස් කොස්තාපල්වරයා පසුව මේ ගැන පොලිස් සටහන් පොතේ ලියලා තමයි රෝහලට ගිහින් තියෙන්නේ.
ආරංචියේ හැටියට පහරදීම ගැන තාමත් පරීක්ෂණයක් කරලා නෑ.
හේතුවක් නැතුව පහරදෙන මේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මීට පෙරත් පොලිස් නිලධාරින් 17දෙනෙකුට මේ විදියටම පහරදීලා තියෙනවා.
උසස් පොලිස් නිලධාරීන්ට මේ ගැන පැමිණිලි කළත් නිසි විනයානුකූල පියවරක් අරගෙන නෑ.
ඒ වෙනුවට සිදු වුණේ පහරකෑමට ලක් වුණ නිලධාරීන්ට ස්ථානමාරු යැවීම බවයි මාතලේ පොලිස් ආරංචිමාර්ග කියන්නේ.
මේ ගැන මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගෙන් ඇහුවාම කිව්වේ මේ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් පොලිස්පතිවරයා වෙත යවා ඇති බවයි.
(උපුටා ගැනීම අරුණ පුවත්පතෙනි)
