මහල් ගොඩනැගිල්ලක සිටි පුද්ගලයෙකු අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් අනතුරට ලක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.
අදාළ අනතුර ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක සිදුවූවක් බවට තොරතුරු වාර්තා වුණා.
ඉදිකරමින් පවතින එම ගොඩනැගිල්ලේ සේවයේ නිරත අයෙකු මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ අනතුරට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කෙරුණා.
ගොඩනැගිල්ලේ තුන්වන මහල වෙත කම්බියක් රැගෙන යාමට උත්සාහ ගැනීමේදී ඔහු මෙලෙස විදුලි සැර වැදීමෙන් අනතුරට ලක්ව ඇති බවට ආරංචි මාර්ග සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කරනවා.
අනතුර සිදුවූ අවස්ථාවේ දර්ශන පහතින්.
ඒ අතර එහි සිටි පුද්ගලයෙකු අනතුරට ලක්වූ පුද්ගලයා බේරා ගැනීමේ අරමුණින් වතුර විසිකරන අයුරුද දැකගත හැකි වුණා.
