පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු බව කියන පුද්ගලයෙකු ඉකුත් 6වනදා රාත්‍රී 11.30ට පමණ නිවසකට පැමිණ අනියම් පෙම්වතිය සමග කාමරයක සිටියදී සැමියාට හසුවී තිබෙනවා.
මෙම සිද්ධිය වාර්තා වෙන්නේ මොනරාගලින්.
සැමියාව දැක ඔහු පැනගොස් ඇති අතර සැමියා විසින් ඔහු පිටුපස එළවාගෙන ගිහින් තිබුණා.
එසේ එළවාගෙන යද්දී පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු බව කියන පුද්ගලයා බිම ඇදවැටී තිබෙනවා.
සැමියා විසින් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිල්ලක් සිදුකරමින් සඳහන් කර ඇත්තේ බිම ඇඳවැටීමේදී අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනය ඉවතට විසිවූ බවත් එහි ආලෝකයෙන් පුද්ගලයාව හඳුනාගත් බවයි.
සැමියා පවසා ඇත්තේ ඔහු මොනරාගල පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකු කියලයි.
යතුරුපැදියකින් පැමිණ ඇති අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනය හා පොලීසියට අයත් සුදු පැහැති හෙල්මටය තමා සතුව තිබෙන බවත් සැමියා පවසනවා.
ඔහු ඉදිරි විමර්ශනවලදී ඒවා ඉදිරිපත්කරන්න සූදානමින් ඉන්නවා.
ඔහුගේ පැමිණිල්ල මත මේ වනවිට විමර්ශනයක් ආරම්භ වෙලා.
