පිඹුර රෝහලේ ප්රතිකාර ලබන කොරෝනා ආසාදිතයකුට ලබා දීම සඳහා හෙරොයින් මත්කුඩු මිලිග්රෑම් 75ක් රැගෙන ගිය කාන්තාවක් 01 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ ග්රෑන්ඞ්පාස් පදිංචි 26 හැවිරිදි කාන්තාවකි.
කොරෝනා ආසාදිතව ප්රතිකාර ලබන සිය සැමියා වෙත මෙම හෙරොයින් මත්කුඩු ලබා දීම සඳහා රැගෙන යමින් සිටිය දී ඇය අත්අඩංගුවට පත් ව ඇත.
ටොෆි, චොකලට් ඇතුළු රසකැවිලි අඩංගු පාර්සලයක් තුළ සූක්ෂම මෙම කුඩු සඟවා තිබුණු බව ද පොලිසිය පවසයි.