Gossip News

තවත් ඇඟලූම් කම්හලක් වසාදමයි – සේවකයන් හතළිස්දෙනකුට කොරෝනා

පොළොන්නරුව, ලංකාපුර ප‍්‍රදේශයේ පිහිටි ඇඟලූම් කම්හලකින් කොරෝනා රෝගීන් විශාල වශයෙන් හමුවීම නිසා එම ඇඟලූම් කම්හලේ සියලූම සේවකයන්ට පෙබරවාරි මස 01 වෙනි දින (සඳුදා) තෙක් නිවාඩුු ලබාදෙන ලෙස උපදෙස්දී ඇතැයි පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. එස්. කුමාරවංශ මහතා ප‍්‍රකාශ කළා.

එම නිවාඩු කාලසීමාව තුළ 400 දෙනෙකුගේ පමණ පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට කටයුතු යොදා ඇතැයිද ඒ මහතා කීය.

මෙම ඇඟලූම් කම්හලේ සේවකයන් 40 දෙනකු මේ වනවිට අවස්ථා කිහිපයකදී සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණවලදී කොරෝනා ආසාදිතයන් බව තහවුරුවී තිබීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මෙම පියවර ගත් බව වෛද්‍ය කුමාරවංශ මහතා පැවැසීය. මේ අතර පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් මේ වනවිට හමුවී ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 241 බවත් ඒ අතුරින් 15 දෙනකු පාසල් ළමුන් බවද ඒ මහතා කීය. ඔවුන් සියලූම දෙනා වැලිකන්ද සහ පුනානී ප‍්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමුකර තිබෙන බවත් ඔවුන්ගේ ආශ‍්‍රිතයන් වශයෙන් හඳුනාගෙන ඇති 786 දෙනකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර සිටින බවද ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා කීවේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!