ගාල්ල බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිත බන්ධනාගාර නියාමකවරියක් මාපලගම පරණතානායම්ගොඩ පිහිටි සිය නිවසේ උපන්දින සාදයක් පවත්වා ඇති අතර අසල්වැසි නිවසක වැඩිහිටියන් සඳහා පැවති දානමය පිංකමකට ඇය සහභාගි වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
නියාමකවරියගේ පුතාගේ උපන් දිනය සැමරීම සඳහා මෙකී උපන්දින සාදය පවත්වා ඇත. ඇයගේ පුතා විසින් කොවිඩ් ආසාදිත බන්ධනාගාර නියාමකවරියටද කේක් කවා ඇති අතර එකම කේක් කැල්ල 16 දෙනෙකුට කවා ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. අසල්වැසි නිවසේ පැවති දානමය පින්කම සඳහා වැඩිහිටියන් 41 දෙනෙකු සහභාගිවී ඇති බව හෙළිවී ඇත.
එසේම ජනවාරි 01 වැනිදින මෙකී බන්ධනාගාර නියාමකවරිය විසින් උඩුගම මුලන ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරුවන් සඳහාද දානය රැගෙන ගොස් ඇත.