Gossip News

නිහාල් නෙල්සන් නමින් මාවතක්..

ගායන ක්ෂේත‍්‍රයේ දශක හයක් සපිරූ ප‍්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් නමින් ඔහු උපන් ගම් පියස වන මොරටුව, රාවතාවත්තේ, තුන්වන පටුමග ”නිහාල් නෙල්සන් මාවත’’ නමින් නම් කිරීම අද (8) දා සිදු කෙරේ.

මොරටුව ලලිත කලා සංගමයේ සභාපති තිලක් ද මෙල් ගායන ශිල්පියාගේ මැදිහත්වීම හා යෝජනාවක් අනුවත් නාගරික මන්තී‍්‍ර කේසර රවින්ද්‍ර මහතා ප‍්‍රමුඛ ප‍්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත මොරටුව නගර සභාවේ නගරාධිපති ඩබ්ලිව්. සමන් ලාල් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් නාගරික මන්ත‍්‍රීවරුන් ඇතුළු ප‍්‍රදේශවාසීන්ගේ හා කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් යුතුව ”නිහාල් නෙල්සන් මාවත’’ ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත. මෙම උත්සව අවස්ථාව අවසානයේ ජනප‍්‍රිය ගායක ගායිකාවන්  රැසකගේ සහභාගිත්වයෙන් සංගීත ප‍්‍රසංගයක් ද පැවැත්වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!