කැබිතිගොල්ලෑව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට සහ එම රෝහලේ තවත් සාත්තු සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා රෝහල ඊයේ (04දා) සවස සිට වසා දමා ඇත.
මේ අතර එම රෝහලේ කාර්ය මණ්ඩලයේ ඉතිරි 66 දෙනා අද (05දා) පි.සි.ආර්.පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය.