Gossip News

කොටදෙණියාවේ බොයිලේරුවක් පුපුරා ඉන්දියානු ජාතිකයෙක් මරුට

කොටදෙණියාව කරබොටුවාව ප්‍රදේශයේ පිහිටි ඉවත දමන අබලි යකඩ උණු කිරීමේ වැඩපලක බොයිලේරුවක් පුපුරායාමෙන් අනතුරක් සිදුවී තිබේ.

අද (03) උදෑසන සිදුවූ අනතුරෙන් ඉන්දියානු ජාතිකයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කොටදෙණියාව පොලීසිය සඳහන් කරනවා.

මිය ගිය පුද්ගලයා ජාවිඩ් නමැත්තෙකු බව පැවසෙනවා.

ඉන්දියානු ජාතිකයන් විශාල පිරිසක් සේවයේ නිරත ඉන්දියානු සමාගමක් මගින් මෙය පවත්වා ගෙන යන අතර අබලි යකඩ උණු කරමින් තිබියදී බොයිලේරුව පිපිරීමකට ලක් වීමෙන් එහි යකඩ කොටස් ඉවතට විසි වී තිබෙනවා. අනතුරුව පිළිස්සුම් තුවාල ලත් තිදෙනා මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ජාවිඩ් නමැති ඉන්දියානු ජාතිකයා මියගොස් තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!