කන් ඇසීමේ දුර්වලතාවයක් ඇතිවීම නිසා සිත් තැවුලට පත්ව සිටි තරුණයෙකු නිවසේ බාල්කයක එල්ලී සියදිවි හානිකරගෙන ඇත.
මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ කිරින්ද පුහුල්වැල්ල ඕවිටිගමුව අලහේන්පිට පදිංචිව සිටි දිල්ලිමුණි සම්පත් ප්‍රියදර්ශන නැමති 27 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
සිද්ධිය වූ දින මියගිය අය කඹුරුපිටිය උල්ලල පිහිටි සිය සොහොයුරියගේ නිවසට ගොස් සවස එකට පමණ ආපසු පැමිණ තිබෙන බවත් එදින සවස පියා නිවසට පැමිණෙන විට මියගිය අය නිවසේ සිටිනු දක්නට නොවූ නිසා සොයා බලන විට ඔහු නිවසේ පිටුපස පැත්තේ බාල්කයක එල්ලී සිටින බව දැක තිබෙන බවත් මේ පිළිබදව පැවති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
මෙම මරණය පිළිබඳව මාතර මහ රෝහලේදී පැවති හදිසි මරණ පරීක්ෂණයේදී දිල්ලිමුණී පේමරත්න, නිලංකා ශ්‍යාමලී යන අය සාක්ෂි ලබා දුන්හ. මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි සුමිත් අඹේපිටිය මහත් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබිණි.
