කොළඹ මැගසින් බන්ධනාගාරයේ පසුවෙන එල්. ටී. ටී. ඊ. සිරකරුවන් 70 ක් පමණ පී. සී. ආර්. පරීක්‍ෂණවලට යොමු කළ අවස්ථාවේ ඒ අතරින් 16 දෙනකුට කොරෝනා රෝගය වැලඳී ඇති බවට තහවුරු වී ඇත.
මෙම සිරකරුවන් ප‍්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කළ බව බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.
මෙම කොටි රැඳවියන් අතර හිටපු කොටි නායකයින් පවා සිටින බවද එම රෝගීන්ට දැඩි ආරක්‍ෂාවක් ලබා දීමට කටයුතු කළ බවත් බන්ධනාගාර රෝහලේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මෙම සිරකරුවන් පිට පළාත් බන්ධනාගාරවලට මාරු කිරීමට මෙතෙක් කිසිදු අදහසක් නොමැති බවද පැවසේ.