Gossip News

තවත් ඇඟලුම් ආයතනයක කොරෝනා රෝගින් 80දෙනෙක්

පානදුර කර්මාන්තපුරයේ පිහිටි ප‍්‍රධාන පෙළේ ඇඟලූම් ආයතනයකින් ‘කොවිඞ් 19’ ආසාදිත පුද්ගලයන් 80 දෙනකුට වැඩි පිරිසක් වාර්තා වීම නිසා එම ආයතනය තාවකාලිකව වසා දැමීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කළ බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම කර්මාන්තශාලාවේ 1500කට අධික සේවක සේවිකාවන් පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

‘කොවිඞ් 19’ ආසාදිත සේවක සේවිකාවන් කොග්ගල, ගිරිඋල්ල ප‍්‍රදේශයේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා ප‍්‍රතිකාර කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප‍්‍රකාශ කළේය.

එම ඇඟලූම් කර්මාන්තශාලාවේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව කළුතර දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙම කර්මාන්තශාලාව වසා දැමීම සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී ඇති බවය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!