මෙරට ක්‍රියාත්මක වූ මුදලට බිළිඳුන් අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරම මෙහෙයවූ පුද්ගලයා මාතලේ – උකුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් ළමා හා කාන්තා කර්යාංශය සිදුකළ වැටලීමකදියි.
වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මොහු අතවරයට සහ විවිධ හේතූන් මත ගැබ්ගත් කාන්තාවන් අන්තර්ජාලයේ පළ කරන දැන්වීම් මගින් ගෙන්වාගෙන ගිවිසුම්ගත වී දරුවන් බිහිකළ පසු තුන්වන පාර්ශවයකට මුදලට අලෙවි කර ඇති බවයි.
එලෙස දරුවන් තිස්දෙනෙකු පමණ 47 හැවිරිදි මෙම සැකකරු විසින් අලෙවි කර ඇති බවට අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.