කතෝලික ජනතාව වෙත කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා.
පැවැත්වීමට නියමිත මළවුන් සිහිකිරීමේ දිනය නිමිත කරගනිමින්.
නියමිත ආගමික චාරිත්‍ර තම නිවසේ සිට සිදු කරන ලෙසයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විශේෂයෙන් නිරෝධායන ඇඳිරි නීතිය පවතින මොරටුව,ජා – ඇළ ,කටුනායක, වත්තල, කඳාන, සීදුව හා මීගමුව යන ප්‍රදේශවල ජනතාවට මෙලෙස අනිවාර්යෙන් නිවසට වී තම ආගමික චාරිත්‍ර සිදු කරන ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා.
පවතින තත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වල සිටින කතෝලික ජනතාවද ඒකරාශීවීම් අවම කර මෙම උපදෙස් පිළිපදිනු ඇති මධ්‍යස්ථානය අපේක්ෂා කරනවා.
