ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (ෆිෆා) සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතාට කොරෝනා රෝගය වැළඳී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටියි. ඒ අනුව ඔහු ස්වයං හුදෙකලා නිරෝධානයකට දින 10 ක් පත්කර ඇතැයි සඳහන් වේ.
ස්විට්සර්ලන්ත නීතිඥයකු සමග කටයුතු කළ සියලූ දෙනාටම නිරෝධානය සහ අදාළ පරීක්ෂණ සිදු කරන ලෙසටද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටියි. ලෝක පාපන්දු සම්මේලනය අදාළ සිදුවීමත් සමග පවසා සිටියේ, ‘‘වහාම ඒ සියලූ දෙනාම ස්වයං නිරෝධානයේ දින 10 ක් සිටිය යුතුයි. ’’ යනුවෙනි.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලන සභාපති ඉන්ෆැන්ටිනෝ පසුගියදා ධවල මන්දිරයේදී ගිවිසුමක් අත්සන් තැබීමේ උත්සවයකට සහභාගි වු අතර එමගින් ඔහුට වෛරසය ආසාදනය වී ඇතැයිද සඳහන් වේ. සභාපතිවරයා අදාළ චාරිකාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය මෙන්ම ඊශ්‍රායලයේද සංචාරය කර ඇතැයි වාර්තා වේ.
කොවිඞ් 19 රෝගීන්ගේ ව්‍යාප්තියක් ස්විට්සර්ලන්තයෙන් වාර්තා වන අතර ඉන්ෆැන්ටිනෝට අදාළ ආසාදිතයකුගෙන් වැළඳුනේද යන්න තවම සොයාගෙන නොමැත. මේ වන විට ස්විට්සර්ලන්තයේ 127,000 කට වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර පසුගියදා එක් දිනක් තුළදී රෝගීන් 23000 ක් වාර්තා වී තිබේ.
