දිනක් තුළ මෙරට දී සිදුකළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ (30) දිනය තුළ සිදුකළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය සදහන් කළේ ඊයේ දිනයේදී පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 12,106ක් සිදුකළ බවයි.
ඒ අනුව මෙරට තුළ සිදුකර ඇති සමස්ථ පී.සී.ආර්. ප්‍රමාණය ලක්ෂ 5ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.
