Gossip News

පන්නල ඇඟලුම්හලක තරුණියක් දඹදෙණිය රෝහලේදී මියයයි

ගිරිඋල්ල පොලිස් වසමට අයත් බළගොල්ල නාරන්ගොඩ පදිංචි තරුණියක් මියගොස් තිබෙනවා.
ඇය නිවසේ සිටියදී අද (30) හදිසියේම රෝගාතුර වී දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.
මෙම තරුණියා පන්නල ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ තරුණියක් බවයි පොලිසිය පැවසුවේ.
ඇය නිවසේ සිටියදී උදරය සහ පපුවේ වේදනාවක් ඇති බව පවසා තිබෙනවා.
ඉන් පසුව ක්ලාන්තයක් ඇතිවීම නිසා පවුලේ අය විසින් ඇයව දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
තරුණිය එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පැවසුවේ.
අනතුරුව මියගිය තරුණියගේ සිරුර පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීම සදහා කුලියාපිටිය මූලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම තරුණිය පසුගිය 18 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ගෙන ඇති අතර, එම පරීක්ෂණ වාර්තා වලට අනුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!