කොවිඩ්-19 වෛරස ආසාදිතයින් වාර්තාවීමේ අඩුවීමක් නොමැති බැවින් ඉදිරි කාලසීමාව ඉතා අවදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
ඊයේ දිනයේදී ද කොවිඩ්-19 ආසාදිතයින් 582ක් වාර්තා වූ බව වෛද්‍යවරයා සදහන් කළේය.
ඒ අනුව දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුර 6,313 දක්වා ද ඉහළ ගොස් තිබේ.
මේ අතර මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 9,791කි.
ඉන් 5,630දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර, 4,142දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 19කි.