මගේ සැබෑ මව්පියන් සොයා මා ශ්රී ලංකාවට තෙවරක් ආවා. නමුත් මට ඔවුන් සොයා ගැනීමට නොහැකි වුණා. මා නැවතත් හතරවන වතාවටත් හදාගත් දෙමව්පියන් සමග ශ්රී ලංකාව වන මගේ මව් රටට එනවා යැයි මෙයට වසර එකොළහට පෙරදී නෙදර්ලන්තයට ගෙන ගොස් හැදී වැඩුණු තරුණියක් කියා සිටී.
2009. 3. 12 වන දින කෑගල්ල මහ රෝහලේ දී ඇය ඉපදී ඇති අතර මව විසින් ඇය රෝහලේ දමා ගොස් තිබිණි. පසුව මෙම දැරිය පරිවාස භාරයට ගෙන කුරුවිට ඉසුරු ළමා නිවාසයේ සිටියදී නෙදර්ලන්ත ජාතික යුවළක් විසින් ගෙන ගොස් දරුකමට හදා ගෙන ඇත. ඇයට උප්පැන්න සහතිකයක් ඇති අතර එහි සඳහන්ව ඇත්තේ උපන් දිනය හා ඇගේ මවගේ නමත් පමණි. මවගේ නම සඳහන්ව ඇත්තේ හේරත් මුදියන්සේලාගේ ප්රියදර්ශනී චමිලා කුමාරි වශයෙනි. පියාගේ නම අනුමාන වශයෙන් සොයා ගෙන ඇත්තේ වන්නිනායක මුදියන්සේලාගේ ක්රිශාන්ත ලෙසටය. ඇගේ නම සඳහන්ව ඇත්තේ ෂේහානි රුවන්දිකා වශයෙනි. තමාගේ මව හෝ පියා ගැන තොරතුරක් දන්නේනම් මීගමුවේ පදිංචි ඇන්ඩෘ මහතාට දන්වන මෙන් ඇය ඉල්ලා සිටියාය. ඔහුගේ දුරකථන අංකය
0772114795 ය. මොහු කිසිම මුදලක් අය නොකර මෙම දරුවන්ට ඞීඑන්ඒ රීක්ෂණ පවත්වා නියම දෙමව්පියන් සොයාදීමට කටයුතු කරන අයෙකි.
එම්. බී. පහලවත්ත
