ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල ඇතුළු ලොව උසැති ගොඩනැගිලි රැසකට වඩා උසැති දැවැන්ත නව කොරල් පරයක් ඔස්ටේ්රලියාවේ මහා බාධක පර්වතයේ (ගේ‍්‍රට් බැරියර් රීෆ්) තිබී විද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ.
ඉකුත් ඔක්තෝබර් මස 20 වැනිදා පළමු වරට සොයා ගැනුණු මෙම කොරල් පරය මීටර් 500ක් (අඩි 1600ක්) පමණ උසැති වන අතර එය ලොව උසැති ගොඩනැගිලි වන එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල (මීටර් 381), සිඞ්නි කුලූන (මීටර් 305) හා පෙට්‍රොනාස් නිවුන් කුලූනු (මීටර් 451.9) යනාදියට වඩා උස බව විද්‍යාඥයෝ පවසති. උතුරු ක්වීන්ස්ලන්ත මුහුදේ තිබී සොයාගත් මෙම කොරල් පරය මහා බාධක පර්වතයට අනුබද්ධව තිබී වසර 120 කට පසු සොයා ගෙන ඇති නවතම කොරල් පරය වේ.
