මෙරට මතබේදයට තුඩු දී ඇති MCC ගිවිසුම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ නිදහස ලංකාව සතු දෙයක් බව මෙරට සංචාරයට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සඳහන් කර ඇත.
කුමන තීරණයක් ගනු ලැබුවද දෙරට අතර සබඳතා වෙනස් නොවනු ඇති බව ඔහු සඳහන් කර තිබේ .
මේ බව රුපවාහිනී නාලිකාවක පැවති විශේෂ සම්මුඛ සාකච්ජාවකදී ඔහු සඳහන් කර ඇත.
“අප විසින් පිරිනමා ඇති බොහෝ දේ අතුරින් එකත් එකක්. එය නොගැලපේ යැයි ශ්‍රී ලංකාව තීරණය කළහොත් එවිට ශ්‍රී ලංකාව තීරණය කරාවි එය පිළිනොගෙන සිටීමට. අපගේ සබඳතාවේ ශක්තිය, ගැඹුර සහ සංකීර්ණත්වය එක් ගනුදෙනුවකට හෝ එක් අවස්ථාවකට වඩා එහා ගිය එකක්.”
අමෙරිකාව සහ චීනය කටයුතු කරන ආකාරය ගැන ඔහු පැවසුවේ මෙවැන්නකි.
“අමෙරිකාව නිරතුරුවම ඉදිරිපත් කරන්නේ සමාගම්, පෞද්ගලික ආයෝජන, හවුල්කාරීත්වය, සහ මිත්‍රත්වය. අපි රාජ්‍ය අනුග්‍රහය ලබන ව්‍යවසායකයන් හෝ සමාගම් සමග එන්නේ නෑ. අපි එන්නේ නෑ ණය පැකේජ සමග එම ණය පැකේජ ගෙවන්නත් අමාරුයි. අපි එවැනි ණය භාවිත කරලා රජයන් ට යම් යම් දේ කිරීමට බලපෑම් කරන්නේ නෑ. ඒවා එකිනෙකට වෙනස් මොඩල දෙකක්. එකක් ප්රජාතන්ත්රවාදය සහ නිදහස අනෙක කුරිරු ඒකාධිපති මොඩලයක්.
