තලවකැලේ, වටගොඩ නගරය අද (28) දහවල් සිට වසා දැමීමට පියවර ගෙන තිබේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොලට සම්බන්ධ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු වටගොඩ වත්තේ යොක්ස්පෝඩ් කොටසින් හමුව ඇති අතර එම ආසාදිත පුද්ගලයා වටගොඩ නගරයේ බොහෝ ස්ථානවලට ගොස් තිබීම හේතුවෙන් නගරයේ කඩ සාප්පු හා අනෙකුත් ව්‍යාපාරික ස්ථාන මෙසේ වසා දැමීමට කොටගල ප්‍රාදේශීය සභාව විසින් පියවර ගෙන ඇත.
වසා දැමු වටගොඩ නගරය හා ආසාදිත පුද්ගලයා ගැවසී ඇති අනෙකුත් ප්‍රදේශයන් විෂබීජ හරණය කිරීමටද කොටගල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශය විසින් පියවර ගන්නා ලදි.
