කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වූ කඩවත, ගෝනහේන ප්‍රදේශයේ පදිංචි පෑලියගොඩ වෙළෙඳසලට සම්බන්ධ අයෙකු දින තුනක් තිස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ වෙළෙඳසල් තිහක් පමණ සංචාරය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
කඩවත මෙම පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු ඔහු පසුගිය 20 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර තිබේ.
එම පී.සී.ආර්. පරීක්ෂණය සිදුකිරීමෙන් පසු සෞඛ්‍ය අංශ විසින් ඔහුට නිවසට වී සිටීමට උපදෙස් ලබාදී තිබුණද ඔහු එය නොතකා 22, 23, 24 යන දින තුනේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ කඩ තිහකින් පමණ එළවළු මිලදී ගැනීමට ගොස් තිබේ.
පසුගිය 25 වැනිදා පස්වරුවේ ඔහුගේ පී.සී. ආර්. පරීක්ෂණයේ වාර්තාව අනුව කොවිඩ් ආසාදිත බවට තහවුරු වන අවස්ථාවේදීත් ඔහු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙමින් සිට ඇත.
එසේම මෙම ආසාදිත පුද්ගලයා ගමන් ගත් බවට හඳුනාගත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසල්වල පුද්ගලයන් හා ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
