Gossip

“මුව ආවරණයක් උපරිම පැළඳිය යුත්තේ පැය 4 ක් පමණයි. කෙරෝනා ඇති අයකුගෙන් ඔබට එය බෝවීමේ අවදානමක් තිබෙනවා.”

‘මුව ආවරණයක් උපරිම පැළඳිය යුත්තේ පැය 4 ක් පමණයි. එය ඉවත් කර කසළ බඳුනකට දමා නව මුව ආවරණයක් පැළඳ සිය වැඩ කටයුතු කරගෙන යෑම සෞඛ්‍යාරක්ෂිත’’ යැයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය පවසනවා.
වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය මෙසේද කියා සිටියා.
‘‘ඔබ යම්කිසි රැකියාවකට යන කෙනෙක් නම් එහෙමත් නැත්නම් වෙනත් කටයුතු සඳහා යන කෙනෙක් නම් ඔබ පැළඳ සිටින මුව ආවරණය පළඳින්න ඕන උපරිම පැය 4 ක් විතරයි.
පසුව එය ගලවා ඉවත්කර කසළ බඳුනකට දමන්න. මුව ආවරණ තැන තැන දමන්න එපා. ඒ තුළිනුත් මේ කොරෝනා වෛරසය පැතිරෙන්න පුළුවන්. ‘මුව ආවරණයක් පළඳිනකොට නාසය, මුඛය හා නිකට වැසෙන ලෙස නිවැරදිව පළඳින්න.
නිවැරදිව මුව ආවරණය පළඳින්නේ නැති නම්, කෙරෝනා ඇති අයකුගෙන් ඔබට එය බෝවීමේ අවදානමක් තිබෙනවා. ඔබ නිවසින් එළියට යනවා නම් මුව ආවරණ දෙකක්වත් වැඩිපුර අරගෙන යන්න. ඒක ඔබේ සෞඛ්‍යාරක්ෂාවට හොඳයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!