Gossip

කොවිඩ් අවදානමක් නිසා කොළඹ හිල්ටන් සහ ගෝල්ෆේස් හෝටලයේ වැඩ නවතා දමයි

කොළඹ හිල්ටන් හෝටලයේ සේවකයකුට කොවිඩ්-19 අසාධනය වීම නිසා එහි මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
කොළඹ හිල්ටන් හෝටලය පිහිටා ඇති ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගියෙකු සොයා ගත් නමුත් එය හෝටල් පරිශ්‍රයෙන්ද යන්න තහවුරු කිරීමට නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර සොයාබලන බවත් කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් විසින් පවසනවා.
අදාළ තත්ත්වය සම්බන්ධයෙන් එම හෝටල් කළමනාකාරිත්වය විසින් නිවේදනයක් නිකුත් කිරීමට සූදානමින් සිටින බවද පැවසේ.
මේ අතරමෙහෙයුම් නතර කරන ලෙස ප්‍රදේශයේ පීඑච්අයි විසින් හෝටලයට දැනුම් දීමත් සමඟ ගෝල්ෆේස් හෝටලයද සිය මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.
සියලුම හෝටල් කාර්ය මණ්ඩලය අද (24) PCR පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බවද පැවසේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!