සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි බටලන්ද යුද හමුදා කඳවුරේ සේවය කරනු ලබන යුද හමුදා කපිතන්වරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
කඳවුරට අවශ්‍ය මාළු මිලදී ගැනීමට මෙම යුද හමුදා කපිතාන්වරයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවත් එහිදී ඔහුට වෛරසය ආසාදනය වෙන්නට ඇති බවට අනාවරණය වී ඇත.
කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම යුද හමුදා කපිතාන්වරයා මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුලත් කොට ඇත.
