නව කොරෝනා ආසාදිතයින් 866 දෙනෙකු ඊයේ ( 23 ) සොයාගැණුනා.
ඉන් 535 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළෙන් හමුවූ ආසාදිතයින් බවයි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ.
නිරෝධායන මධ්‍යස්ථානවලින් 48 දෙනෙකු සහ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 257 දෙනෙකු හඳුනාගෙන තිබුණා.
තවද ගාල්ල වරායෙන් 05 දෙනෙකු, බේරුවල වරායෙන් 20 දෙනෙකු හා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවා.
ඒත් සමගම මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 7154 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 3496 ක්.
3644 දෙනෙකු සුවය ලබා තිබෙනවා.