කොරෝනා වසංගත තත්ත්වය ලෝකය තුල මේ වනවිට තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ඇතැම් රටවල් අනතුරුදායක ගමන් මගකට යොමුව ඇති බව එහි අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ජිනීවා නුවරදී ඊයේ ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ අර්ධ ගෝලයේ රටවල් එම තත්ත්වයට මුහුණදෙන බවයි.
ජීවිත හානි සිදුවීම, සෞඛ්‍ය සේවා අඩාල වීම සහ පාසල් ආදිය වසා දැමීම වැළැක්වීමට වහා පියවර ගන්නා ලෙස සියළු නායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ.
යුරෝපා රටවල් කිහිපයකම පළමු රැල්ලට වඩා වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන රැල්ල තුලින් වාර්තා වනවා.
