Gossip News

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර උතුරටත් පැතිරෙයි

මිනුවන්ගොඩ කොරෝනා පොකුර පසුගිය සිකුරාදා වන විට උතුරු පළාතටද ව්‍යාප්තව ගොස් තිබුණි.
නෙදුන්කර්නිහි පිහිටි කොන්ත්‍රාත් සමාගමක සේවකයින් තිදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ පහළ විම නිසා ඔවුන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔවුන්ව කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී තිබේ.
අදාළ සේවකයන් වවුනියාවේ වේප්පකුලම්හි වෙළෙඳසල් කිහිපයකට ගොස් ඇති බවට අනාවරණය වීමෙන් පසු එම වෙළෙඳසල් වසා දමා ආසාදිතයන්ගේ සමීපතමයන් සොයා වවුනියාව ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
වවුනියාව රෝහලේ මේ වන විට කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙනම වාට්ටුවක්ද වෙන් කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!