Gossip News

උසස් පෙල, ලියන සිසුවාට උත්තර කියාදුන් විදුහල්පති

මීගමුවේ ප‍්‍රධාන රජයේ විදුහලක විදුහල්පතිවරයකු විසින් තමා සමග දිගුකල් සමීප සබඳතා පැවැත්වූ 17 හැවිරිදි සිසුවකුට මෙවර පැවති අ. පො. ස. උසස් පෙළ විභාගයේදී නිවැරදි පිළිතුරු ලිවීමට අනියමින් සහාය දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන අරඹා ඇත.

විදුහල්පතිවරයා විසින් එම සිසුවාට උදව්කර ඇත්තේ තර්ක ශාස්ත‍්‍ර විභාග ප‍්‍රශ්න පත‍්‍රයට සිසුවා පිළිතුරු ලිවීමේදී බව ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුහලේ තර්ක ශාස්ත‍්‍ර විෂය උගන්වන ගුරුවරයාගෙන් විභාග දෙපාර්තමේන්තුව මේ වනවිට කටඋත්තර ලබාගෙන ඇත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ද එම පරීක්‍ෂණ සඳහා අදාළ ගුරුවරයා කැඳවා ඇත.

පසුව එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් ගුරුවරයා ලබාදුන් කටඋත්තරය වෙනස් කරන ලෙසට බලපෑම් එල්ල කර ඇති බවත් ඊට අමතර විදුහලේ ආදි ශිෂ්‍යයන් විසින් ද ගුරුවරයාට බලපෑම් එල්ල කරන බව පවසා එම ගුරුවරයා තමාගේ මතු ආරක්‍ෂාව සඳහා මීගමුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!