Gossip

කොට්ටාවේ මාළු වෙළඳසැලත් කොවිඩ් වෙලාගනී.. ඔබත් මාළු මිලදී ගන්න පැමිණියානම් වහාම දැනුම් දෙන්න

කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි මාළු වෙළෙඳසැලේ සේවකයින් 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද(21) තහවුරු වී ඇත.
එම මාළු වෙළෙඳසැල හා ඔවුන් නවාතැන් ගෙන සිටි තෙමහල් ගොඩනැගිල්ලක් මුද්‍රා තබා ආසදිතයින්ගේ ආශ්‍රිතයින් 40 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
වැල්ලවත්ත, පෞද්ගලික බැංකුවක කොරෝනා ආසාදිත සේවකයෙකු කොට්ටාවේ පිහිටි සමූපකාර වෙළෙඳ සලට හා මාළු වෙළෙඳ සලට පැමිණ ඇති බව අනාවරණය වීමත් සමඟ එම ස්ථාන වසා දමා මාළු වෙළෙඳ සලේ සේවකයින් 17 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර, ඉකුත් 19 දා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කර තිබේ.
හඳුනාගත් ආසාදිතයන්ගෙන් දෙදෙනෙකු කොට්ටාව පරණ පාරේ, තෙමහල් ගොඩනැගිල්ලක ද තවත් ආසදිතයෙකු පන්නිපිටිය, දෙපානම පළමු වන පටුමගේ ද අනෙක් ආසාදිතයා බොරලැස්ගමුව, නීලම්මහර ප්‍රදේශයේ ද පදිංචි පුද්ගලයෝ වෙයි.
එම ආසාදිතයින් සිව්දෙනා කළුතර, පිඹුර දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසයි.
මොවුන්ට වෛරසය ආසාදනය වූයේ පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් ද නැතහොත් වැල්ලවත්ත පෞද්ගලික බැංකුවේ කොරෝනා ආසාදිතයාගෙන් ද යන්න පිළිබඳව මූලාශ්‍ර සොයා විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.
ඉකුත් 18 වන දාට පසුව කොට්ටාව, තැපැල් කන්තෝරුව අසල පිහිටි මාළු වෙළෙඳ සලෙන් මාළු මිල දී ගැනීමට පැමිණි අයෙකු වෙතොත්, ඒ පිළිබඳව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ කොට්ටාව පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!