ගෝලීය වසංගතයක් වන කොරෝනා රෝගය වැළඳුන පළමු නවසීලන්ත ක‍්‍රිකට් ක‍්‍රීඩකයා වශයෙන් බෙන් ලිස්ටර් හදුනාගෙන තිබේ. ඒ එරට පළමු පෙළ ක‍්‍රිකට් තරගයක් අතුරතුරදී ඔහු අසනීපවීමෙන් පසුව කරන ලද පරීක්ෂණයකදී රෝගය වැළඳී ඇති බවට තහවුරු විය.
නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරන මාර්ක් චැප්මන් අසනීප වීමෙන් පසුව ඔහුගේ ස්ථානයට බෙන් ලිස්ටර් කැඳවා තිබේ. ලිස්ටර් පළමු තරග පමණක් ක‍්‍රීඩා කර ඇති මඳ වේග පන්දු යවන්නෙකි. චැප්මන්ට්ගේ වාර්තාව ඒමටත් පෙරම ලිස්ටර් අසනීපයට පත්ව ඇත.
නවසීලන්ත පුහුණුකරු ගැරීස් ස්ටේඞ්ද මෙම තරගය නැරඹීමට පැමිණ තිබුණි. ‘‘මා මෙහි පැමිණෙන විට මාක් චැප්මන් අසනීප වි ඇති බවක් දැක්කෙ නැහැ. නමුත් ලෝකය දිහා බලන විට අපි නිවැරදි දේ කිරීම සම්බන්ධයෙන් සතුටු විය යුතුයි. ක‍්‍රීඩාව කරන්න නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුගමනය කළ යුතුයි. ’’ යනුවෙන් නවසීලන්ත පුහුණුකරුවා පවසයි.
