හබරාදුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් හයදෙනකු නිරෝධායනයට ලක්කොට ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රමෝද් සිරිවර්ධන පවසනවා.
මෙම එක් පොලිස් නිලධාරියකු නිවාඩු ලබා අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල සිසුවකු වන තම මිතුරෙකු සමග සාදයකට සහභාගි වී තිබෙනවා.
එම සිසුවා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ පුහුණු වැඩමුළුවකට සහභාගි වී ඇති බවට අනාවරණය වී තිබේ.
කොරෝනා ආසාදිතයන් සමග සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් මෙම පොලිස් නිලධාරියා සහ ඔහු ළඟින් අසුරු කළ සෙසු නිලධාරීන් නිරෝධායනයට ලක්කොට ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රමෝද් සිරිවර්ධන මහතා පවසනවා.