Gossip

ඇඳන් තියෙන්නේ කොරෝනා රෝගීන් 253 කට පමණයි.. IDH රෝහලේ ඇඳන් 120 යි.. රෝගීන් 160 යි..

කොවිඩ් 19 රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන රෝහල් 12ක් තුළ පවතින ඇඳන් ධාරිතාවයෙන් ඉතිරිව ඇත්තේ තවත් ඇඳන් 253ක් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
රෝහල් 12ක් තුළ ඇඳන් 1581ක් කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් වෙනකර ඇත.එයින් ඇඳන් 1328ක් මේ වන විට සම්පූර්ණයෙන් පිරී ගොස් ඇත.
මෙම රෝහල් 12 අතරින් වැඩිම ඇඳන් සංඛ්‍යාවක් ඇති රෝහල නෙවිල් ප්‍රනාන්දු රෝහල වන අතර එහි ඇඳන් 400ක් කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇත.
එයින් 157කම මේ වන විට රෝගීන් ඇතුළත් කර තිබේ.
කොළඹ අයි.ඩී.එච් රෝහල තුළ ඇඳන් 120ක් වෙන්කර තිබුණත් එහි ධාරිතාව ඉක්මවා යමින් රෝගීන් 160ක් ඇතුළත් කර තිබේ.
වසංත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ඇඳන් සංඛ්‍යාව 3000 සීමාව දක්වා වර්ධනය කිරීමට හැකියාවක් ඇති බවයි.

උපුටා ගැනීම – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!