කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කර තිබෙනවා.
ඊයේ (08) දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ජ්‍යෙෂ්ඨතාවයෙන් ඉහලින්ම සිටින කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය දැනට පුරප්පාඩුව පවතින සුබසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබෙනවා.
