කොරෝනා වෛරසය ආසාදනය වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් සුවය ලබා ධවල මන්දිරයේ සිය නිල රාජකාරි කටයුතු අරඹද්දී ඔහු වටා සමීපව කටයුතු කරන තවත් කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු ඊයේ (07දා) කොරෝනා වෛරස් ආසාදිතයන් බව පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
මේ අනුව ධවල මන්දිරයේ සිටින ජනාධිපති ට්රම්ප්ගේ උපදේශකවරයෙකු වන ස්ටීවන් මිලර් හා ප්රධාන පෙළේ ආරක්ෂක අංශ ප්රධානියකු වන අද්මිරාල් චාල්ස් රේ ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී තිබේ.
