කොරෝනා වසංගතය පැතිරීම උපරිම මට්ටමට පැමිණ තිබූ ඉකුත් අපේ‍්‍රල් – ජුලි කාලසීමාවේදී ලොව පුරා වාසය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ආදායම් මාර්ග අඩු වෙද්දී ලොව සිටින කෝටිපතින්ගේ වත්කම සියයට 27කින් වර්ධනය වී ඇති බව අලූත්ම අධ්‍යයන වාර්තාවකින් අනාවරණය කර තිබේ. ‘යු.බී.එස්.’ හා ’පී.ඩබ්ලිව්.සී.’ යන ආයතන විසින් පවත්වා ඇති ‘රයිඩින් ද ස්ටෝම්’ නමැති මෙම අධ්‍යයනයට අනුව අදාළ කාලසීමාව තුළ ලොව වාසය කරනු ලබන කෝටිපතින්ගේ සංඛ්‍යාව 2189 ක් දක්වා සුළු වශයෙන් වැඩි වීමක්ද සිදුව තිබේ.
අදාළ අධ්‍යයන වාර්තාවට අනුව මෙසේ කෝටිපතින්ගේ වත්කම කොරෝනා වසංගත සමයේ වැඩි වී ඇත්තේ බොහෝ රටවල කොටස් වෙළඳපළ යහපත් හැසිරීමක් පෙන්නුම් කිරීම හේතුවෙනි. කොරෝනා වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා බොහෝ රජයන් ආර්ථික සහන පැකේජ හඳුන්වා දීම හේතුවෙන් කොටස් වෙළඳපළ කඩා නොවැටී හොඳින් ක‍්‍රියාත්මක වීම මෙම කෝටිපතින්ගේ ආදායම වැඩි කිරීමට හේතු වී ඇති බව හෙළි වී තිබේ.
අදාළ වාර්තාවට අනුව තවමත් ලොව ප‍්‍රධානතම කෝටිපතියා වනුයේ සුප‍්‍රකට ඇමේසන් ව්‍යාපාරයේ හිමිකරු වන ජෙෆ් බෙසොස් වන අතර ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 200කි.
