Gossip

පොල්පිතිගම මවකටත් කොරෝනා ආසාදනය වෙයි

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ ආසාදිත සේවිකාවකගේ මවකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ(07) රාත්‍රියේ තහවුරු වුණා.
පොල්පිතිගම රාවාඇළ පදිංචි 58 හැවිරිදි කාන්තාවකට මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙනවා.
එම කාන්තාව කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව ඇගේ සැමියාද පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් වී සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පවසයි.
කොරෝනා ආසාදිත කාන්තාව ඊයේ රාත්‍රියේම ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච් රෝහලට යවා ඇති අතර යිරසය ආසාදනය වී සිටින ඇගේ දියණිය මේවනවිට ප්‍රතිකාර සඳහා හම්බන්තොට පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර තිබේ.
ඒ අනුව මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් සිව්දෙනෙකු වාර්තා වී ඇත.

උපුටා ගැනීම – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!