Gossip

කොවිඩ් වෛරසයේ අවධානම සමස්ත දිවයිනටම.. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට කොරෝනා ආවේ මාසයකට කළින්..

කොවිඩ්-19 වෛරස අවධානම සමස්ත දිවයිනට ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

අද උදෑසන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා සදහන් කළේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ සේවකයින්ට වෛරසය ආසාදනය වී ඇත්තේ අගෝස්තු මස අවසාන සතියේදී බවට තහවුරු වී ඇති බවයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුම් ආයතනයේ සේවකයින්ට සැප්තැම්බර් මස 20 වන දින සිට ශ්වසන රෝගී තත්ත්වයක් තිබී ඇති අතර, ඒ අනුව ඔවුන්ට කොවිඩ් වෛරසය මීට සතිදෙකකට පෙර එනම් අගෝස්තු මස අවසන් දින වලදී වෛරසය වැළදී ඇති බවට අනුමාන කෙරෙන බව වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

එමෙන්ම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සිට එම ආයතනයේ කොල්ලුපිටියේ පිහිටි ප්‍රධාන කාර්යාලය අතර නිරන්තරයෙන් සේවකයින් පැමිණ ඇති බවට ද තොරතුරු අනාවරණය කරගෙන ඇති බව වෛද්‍යවරයා සදහන් කළේය.

මේ ‌හේතුවෙන් කොල්ලුපිටියේ පිහිටි බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ සියලුම දෙනා පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කරමින් සිටියි.

මෙම තත්ත්වය හමුවේ අදාළ ආයතනයේ සේවකයින්ගෙන් ප්‍රථමයෙන් වෛරසය ආසාදනය වූයේ කවුරුන්ටදැයි සොයාගැනීම දුෂ්කර කාර්යක් බව ද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!