Gossip

වතුර බේසමට බිරිඳගේ ගෙල තබා හුස්ම යන තෙක් සිරකරතබලා…සැකකාර පුද්ගලයා විකෘති ලිංගික ආශාවලින් යුතු අයෙකු බවට තහවුරු වෙයි.

දෙදරු මවකගේ ගෙල මිරිකා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු ඇයගේ සැමියා උඩුගම ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සංජය විජේසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබුවේ හිනිදුම තලන්ගල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන මුතුහෙට්ටිගේ ප‍්‍රියන්ත කුමාර (44) නමැති අයෙකි. හිනිදුම තලන්ගල්ල ප‍්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේ නාන කාමරය තුළදී මෙකී මවගේ ගෙල සිරකොට ඝාතනය කොට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි. සැකකාර පුද්ගලයා විසින් නාන කාමරයේ වතුර පිරවු බේසමට තම බිරිදගේ ගෙල තබා ඇයගේ හුස්ම යන තෙක් සිරකරගෙන සිට ඇති බවද පොලිසිය පවසයි. පසුව සැකකරු විසින් නාන කාමරයේ ජල කරාමය ඇර දමා දරු දෙදෙනා රැගෙන ඒමට ත‍්‍රිරෝද රථයෙන් පාසල වෙත ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වි තිබුණි.

මොවුන් දෙදෙනා අතර කාලයක පටන් පවුල් ආරවුල් තිබී ඇති අතර එම ගැටුම් දුරදිග ගොස් මෙකී ඝාතනය සිදුකරන්නට ඇති බවද පොලිසිය පවසයි. ඝාතනය කොට ඇත්තේ තලන්ගල්ල ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මදුරංගනී අයෝමා නමැති දෙදරු මවකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණිය මහත්මිය විසින් පවත්වනු ලැබු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී දෙදරු මවගේ මරණය වී ඇත්තේ ගෙල සිරකිරීමෙන් බව අනාවරණය විය. සැකකාර පුද්ගලයා කලක් තේ කම්හලක සහකාර කළමනාකරුවකු ලෙස සේවය කළ අයෙකි. ඉන්පසු නාවික හමුදාවට එක්වී ඇති මොහු අවුරුදු 05ක් නාවික හමුදාවේ සේවය කොට ඇත. නාවික හමුදා සේවය අත්හැරගොස් සිටි සැකකරු පසුව විදේශගතව වසර 09 කට මෙරටට පැමිණ තිබේ.

සැකකාර පුද්ගලයා විකෘති ලිංගික ආශාවලින් යුතු අයෙකු බවත් මොහුගේ ජංගම දුරකථනයේ තිබී අසැබි දර්ශනද සොයාගත් බවද පොලිසිය පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!