කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියට අමානුෂික ලෙස ලිංගික අපයෝජනයක් කර එම දැරිය හිත් පිත් නැති අයුරින් ඝාතනය කළ සිද්ධියේදී ප්‍රධාන සැකකරු ලෙස මුලදී හඳුනාගත් කොණ්ඩයා ගැන කාටත් අමතක නෑනේ. කොණ්ඩයාව ගැන යළිත් මෙහෙම මතක් කරන්න හිතුණේ මොහු අත්අඩංගුවට පත්වීමෙන් පසු රහස් පොලීසියේදී සිදුවුණා යැයි කියන පහරදීම් වල ඡායාරූප වෙබ් අඩවි වල පළවීමත් සමඟයි.
දුනේෂ්ට වුණ මේ අසාධාරණය ගැන නීතීඥ උදුල් ප්‍රේමරත්න ඇතුළු පිරිසක් දැනටමත් නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹිලා. කොහොම වුණත් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාට පොලිසියේදී සිදුව ඇතැයි කියන පහරදීම්වල ඡායා රූප මගින් ඔහුගේ පිට ප්‍රදේශයේ සිදුව ඇති කැලල් හොඳින් පෙනෙන්නට තියෙනවා. විශේෂයෙන් ඔහුගේ පිට ප්‍රදේශයට පොලු සහ බට වලින් එල්ල කර ඇති ප්‍රහාර නිසා සම ගැලවී ඇති අතර තුවාල කැලල් රැසක් දක්නට තිබෙනවා.
තමන් පාපොච්චාරණයක් කළේ නැති බවත්, කොළයකට අත්සන් කළ බවත්, දුනේෂ් මෙම චෝදනාවෙන් නිදහස් වී මාධ්‍යයටත් කිව්වා. එහිදී ඔහු කියා සිටියේ තමන්ට නිලධාරීන් පහරදුන් බවයි. කොහොම කොහොම හරි පාපතරයෙකුගේ නරුම ආසාවක් වෙනුවෙන් අහිංසක සේයා දැරිය තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවා අවසන්. ඒ වගේම දුනේෂ්ගේ අයියා මේ සිද්ධියේ දැනටම ප්‍රධාන සැකකරු වී රිමාන්ඩ් බාරයේ සිටිනවා.
පහතින් දැක්වෙන්නේ දුනේෂ් ප්‍රියශාන්ත නැමැත්තාට සිදුවූ බව කියන පහරදීම්වලට අදාළ ඡායා රූප කිහිපයකි.
