Gossip

”අපොයි ගොඩක් ආදර යෝජනා එනවා. මං දැක්කෙ නෑ වගේ ඉන්නවා”

අද දවසේ ලංකාවේ වඩාත් ආකර්ෂණීය යුවතියන් පොකුරේ හිඳින ඇය අංජලී රාජ්කුමාර්. ඒ ඇයගේ නම වුවත් බොහෝ දෙනා ඇයව දන්නේ හඳුනන්නේ ජනප්‍රිය ගායිකා කේ. සුජිවාගේ වැඩිමහල් දුවණිය ලෙසයි.

පුංචි කාලෙ හීන දැක්කෙ අම්ම වගේම ප්‍රසංග වේදිකාවක ගයන්නද?

පොඩි කාලෙ ඉඳන් මම දැක්කෙ අම්මවනෙ. ඉතින් මගේ ජීවිතයෙ පරමාදර්ශය අම්මා. හැබැයි පොඩි කාලෙ ගායිකාවක් වෙනවා කියල හිතාගෙන හිටියෙ නැහැ. අවුරුදු දෙකක විතර ඉඳන් තමයි ගායිකාවක වෙන්න ආසාව ඇති වුණේ. මම පළවෙනි වතාවට රූපවාහිනි වැඩසටහනකට එද්දි මට අවුරුදු හයයි. ඒ වැඩසටහනේ මමයි අම්මයි එකම වගේ ඇඳල සිංදු කිව්වා.

දවසින් දවස ජනප්‍රියත්වය ඉහළ යද්දිත් තමන්ගේම ගීතයකට උනන්දු නොවෙන්නෙ ඇයි?

මම තවම අම්මගෙ ගීත තමයි ගයන්නෙ. ඉදිරියේදි අම්මයි මමයි නංගියි ගයන ගීතයකින් මගේ නිර්මාණ ගමනෙ ආරම්භය ගන්න හිතාගෙන ඉන්නෙ. මේ වෙද්දි මනුරංග අයිය අපි තුන්දෙනාටම ගායනා කරන්න ගීතයක් රචනා කරනවා. තව අපි තුන්දෙනාම ගයන ගීතයක් රැප් ඩිලා හදල තියෙනවා.

දැන් ජනප්‍රිය නිවේදිකාවක් නේද?

මම පෞද්ගලික රුපවාහිනි චැනල් එකක ෆන් ටයිම් කියන වැඩසටහන ඉදිරිපත් කරනවා. ඒකට මට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

කලාවට එනවට අම්ම කැමති වුණාද?

අම්ම හරි ආසයි මායි නංගියි කලා ක්ෂේත්‍රයේ එයාගෙ නම ඉස්සරහට ගෙනියනවට.

පාසල් කාලෙ ගෙවු​ණෙ කොහොමද?

පාසල් අධ්‍යාපනය පටන් ගත්තෙ මීගමුවෙ ඇඩ්වෙන්ටිස් ජාත්‍යන්තර පාසලෙන්. ඊට පස්සෙ මඩකලපුවෙ වින්සන්ට් උසස් කාන්තා පාසලට. එතැනින් පස්සෙ කොටහේන ගුඩ් ෂෙපර්ඩ් කොන්වන්ට් එකට ගියා. සෙලින්කො සසෙක්ස් කොලේජ් එකට ගිහින් පස්සෙ, සාමාන්‍ය පෙළ විභාගයේ ඉඳන් ඩිප්ලෝමාව හා උපාධිය දක්වා ඉගෙන ගත්තෙ ඉන්දියාවෙදි.

ඉන්දියාවෙදි ගත කළ ජීවිතය මොන වගේද?

මම ඉන්දියාවට ගියේ 2011දි. එතකොට මට වයස අවුරුදු 16යි. මගේ අම්මගෙ අක්කා ඉන්දියාවෙ හිටියෙ. ඇය මා ගැන සොයා බැලුවා.

ජනප්‍රිය ගීතයක් වන ෂේප් අප් ෂු ගීතය යොදාගෙන පළවෙනි මාෂප් එක කරලා අන්තර්ජාලයට දැම්මා. පළවෙනි දවසෙ මං දැක්කා ඒකට 25 දෙනෙකුගෙ ප්‍රතිචාර ලැබිලා තිබුණා. එදා මං සතුටෙන් උඩ පැන්නා. දෙවෙනි දවසේ 500ක් කැමැත්ත පළකරලා තිබුණා. තුන්වෙනි දවසෙ 25000 ක් කැමැත්ත පළකරළා. මගේ සතුට දෙගුණ තෙගුණ වුණා. දැන් ඒක මිලියනයක් නරඹල තියෙනවා.

ඩ්‍රම්ස් වාදනය කරන්න හිතුවෙ ඇයි?

අපේ ගෙදර ඩ්‍රම්සෙට් එකක් තිබ්බා. මම නිකං ඒකට තට්ටු දදා හිටිය. එතකොට මට වයස 14යි. පස්සෙ මම ඒකට ඇබ්බැහි වෙලා වගේ වාදනය කරන්න පටන් ගත්තා.

වයස කියන්න කැමතිද?

ප්‍රශ්නයක් නැහැ. දැන් මට 25යි.

ආදරය කරන ඔහු ගැනත් කියන්න..

ඒක ඉසස්රහාට හරි වෙලාව ආවහම බලමු දැනට නම් එහෙම එකක් නැහැ.

ආදර යෝජනාවලට ප්‍රතිචාර නොදක්වා ඉන්නවලු නේද?

අපොයි ගොඩක් ගොඩක් ගොඩාක් ආදර යෝජනා එනවා. මං දැක්කෙ නෑ වගේ ඉන්නවා.

ඔය තරම්ම ආදර ඇරියුම් මග හරින්නෙ අම්මට බයේද?

අපේ අම්ම ඒ ගැන අපිට නීති රීති දාලා නැහැ. එයා කියන්නෙත් ගැළපෙන කෙනෙක් හොයාගන්න කියලයි. හැබැයි අම්ම හැම වෙලාවෙම අපි දෙන්නටම කියන්නෙ තමන්ගෙ නම ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න කියලයි. කෙනෙක් හම්බ උනත් අවුරුදු තුනක් විතර ගිහින් ඒ සම්බන්ධය ස්ථාවර වුණහම තමයි ඒ ගැන සමාජයට කියන්න පුළුවන් වෙන්නෙ.

නිළියක් වෙන්න ඇරියුම්ක් ලැබුණොත් ඒ අභියෝගය භාරගනන්වද?

මේ වෙද්දි නිරූපණ කටයුතු පටන් අරන් තියෙන්නෙ. මම ඉන්දියාවෙ ඉද්දිත් රඟපෑවා. මම නිවේදිකාවක් වෙන්න හිටිය කෙනෙක් නෙවෙයි. නමුත් මට නිවේදනයට ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ඒකට මම උත්සාහ කරල බැලුවා. මම ටෙලි නාට්‍යයකත් රඟපාලා තියෙනවා. ඒක ළඟදීම විකාශය වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!