Gossip

සැමියන් හිරේ සිටියදී ගම්පහටම ස්කූටියෙන් කුඩු බෙදපු අක්කයි නංගියි

වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ මහා පරිමාණයේ හෙරොයින් ජාවාරම්කරුවකුගේ සහය ඇතිව කටාන ඇතුළු ගම්පහ දිස්ති‍්‍රක්කය පුරා ස්කූටි යතුරුපැදිවලින් ගොස් සංවිධානාත්මකව හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමේ නියුතුව සිටි අක්කා – නගෝ දෙදෙනා මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීමට කටාන පොලිසිය 22 වැනිදා සමත් විය.

අත්අඩංගුවට ගත් කාන්තාවෝ දෙදෙනා අවුරු. 30 සහ 39 වයසෙහි පසු වෙති. ඔවුන් කටාන, කිඹුලාපිටිය ප‍්‍රදේශයේ පදිංචි විවාහක කතුන්ය. ඔවුන්ගේ සැමියන් මත්ද්‍රව්‍ය චෝදනා ලබා මීගමුව බන්ධනාගාරයේ පසුවෙයි. කටාන කදිරාන වෙන්ටසීටන් වත්තේ පදිංචි මත් ලෝලියකු මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන කටාන පොලිසිය විසින් ප‍්‍රශ්න කිරීමේදී මෙම කාන්තාවන්ගේ කුඩු ජාවාරම පිළිබඳ හෙළි වී ඇත.

පසුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව මත්කුඩු ජාවාරම පිළිබඳව එම කතුන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් දෙදෙනා ළඟ හෙරොයින් කුඩු පැකට් 50 ක් තුළ අසුරා තිබූ රුපියල් 40,000 ක් පමණ වටිනා හෙරොයින් ග‍්‍රෑම් 4 මිලිග‍්‍රෑම් 200 ක් තිබී ඇත. මෙම සැකකාරියන් කටාන, කිඹුලාපිටිය, ඉද්දගොඩැල්ල පාරේ පදිංචිකාරියන් වේ. ඔවුනට ජාවාරම් කිරීම සඳහා මහා පරිමාණයෙන් මත්කුඩු ලබාදී ඇත්තේ ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ජෙයලාබ්දීන් නජිඞීන් (39) නමැත්තකු බව නඩුවේ පැමිණිල්ලේ සඳහන් වේ.

පසු විමර්ශනයේදී එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මත්කුඩු ග‍්‍රෑම් 5 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය හමුවට පැමිණවීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන අක්කා – නගෝ දෙදෙනා සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම නඩුවේ ප‍්‍රධාන ජාවාරම්කරු වන වැල්ලම්පිටියේ පදිංචි ජෙයලාබ්දීන් නජිඞීන් (33) නමැත්තා කටාන පොලිසියේ අගෝස්තු මස 31 වැනි දින දක්වා රඳවා වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීමට අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය අවසර ලබාදෙන ලදී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!